26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේරියා මර්දන බෙහෙත් යොදා එළවළු වගා කළ 02ක් කොටු

මැලේරියා මර්දන බෙහෙත් යොදා එළවළු වගා කළ 02ක් කොටු

මැලේරියා මර්දන කටයුතු සඳහා යොදාගනු ලබන රසායනික ද්‍රව්‍ය කෘෂි බෝග වගාවන්ට යොදාගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව ඊයේ (26) දඹුල්ල පොලිස් වසමේ කලෝගහ ඇළ ප්‍රදේශයේදී මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙයි. එහිදී මැලේරියා මර්ධනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන අයිකොන් 10wp නැමැති රසායනික ද්‍රව්‍ය කෘෂි බෝග වගාවන්වලට යොදා ගැනීම හා රසායනික ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 හා 44 වයසේ පසුවන්නන්ය. සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් රසායනික ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් 414,000 පමණ වන අතර ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.