26.7 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභූමිතෙල් ලීටර් 1 1/2ක් ගන්න මිනිස්සු පැය 17ක් පෝලිම්වල

භූමිතෙල් ලීටර් 1 1/2ක් ගන්න මිනිස්සු පැය 17ක් පෝලිම්වල

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පෝළිමේ රැඳී සිටිමින් තමන්ට භූමිතෙල් ලීටර් 1 1/2 ක් මිලදී ගැනීමට හැකි වූ බව හැටන් ප්‍රදේශයේ භූමිතෙල් පාරිභෝගිකයන් පවසති.

එම ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ඊයේ (26) අලුයම 5.00 සිට දිගු පෝලිම්වල රැඳී සිටි අතර එම ඉන්ධන පිරවුම්හලට උදැසන 11.30 පමණ භුමිතෙල් ලීටර් 3300ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් කර තිබුණි.

රාත්‍රි 10 පමණ වන තෙක් පෝලිම්වල රැඳී සිටි පාරිභෝගිකයන් 2000කට අධික පිරිසකට භුමිතෙල් අලෙවි කළ බව එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පවසයි.

එම ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් තොග ලැබීමත් සමඟ පෝලිම්වල රැඳී සිටි පිරිස් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේදී යුද හමුදා භට පිරිස්, හැටන් පොලිසියේ නිලධාරින් සහ පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.