26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන් තිදෙනෙක්ට හදිසි ස්ථාන මාරුවක්

පොලිස් ලොක්කන් තිදෙනෙක්ට හදිසි ස්ථාන මාරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස්.දමින්ද මහතා නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයා වශයෙන්ද, නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා නැගෙනහිර පළාතේ සිට අපරාධ හා රථවාහන දිසාව වශයෙන්ද මෙලෙස ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ 2022.05.27 දිනැති ලිපියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් නියෝගය පොලිස්පතිවරයා විසින් සිදුකර තිබේ.