28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබලශක්ති ඇමති හා මහබැංකු අධිපති අතර හමුවක්

බලශක්ති ඇමති හා මහබැංකු අධිපති අතර හමුවක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (30) පෙරවරුවේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමු වූ බව සිය නිළ ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

එහිදී ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය බවයි.

මින් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බව එහිදී අනාවරණය විය. තවත් ණයක් ගැනීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා සිදුකරන බවද එහිදී හෙළිවිය.