― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical21 සම්මත කර ගන්න තවත් 50කට අමාත්‍ය ධුර පිරිනැමීමේ සූදානමක්

21 සම්මත කර ගන්න තවත් 50කට අමාත්‍ය ධුර පිරිනැමීමේ සූදානමක්

තමාට තෙල් පෝලිමේ සිට එපා වී ඇති බවත් සැවොම එක් වී ජාතික ආණ්ඩුවක් සාදා මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතු බවත් සමගි ජන බලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පෙට්‍රල් පෝලිමක සිටින අවස්ථාවේදීය.

දේශපාලන හා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමතිවරයා බවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම වෙනුවෙන් තවත් 50කට පමණ අමාත්‍යධුර පිරිනැමිමේ සූදානමක් ඇති බවත් එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මෙසේද කීය.

මේ අය දේශපාලනය ඇතුළේ තමන්ගේ උවමනාකම්වලට කටයුතු කරනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා දැන් මොකක්ද කරන්නේ? ජනාධිපතිතුමා තවදුරටත් මෙතනම ඉදගෙන 19ට වඩා තමන්ගේ තිබුණ බලය වැඩි කරගෙන ඉන්න යන කථාවක් තමයි අපිටනම් පේන්නේ. දැන් මුළු ලෝකයම පිළිඅරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ වැරදි තීරණ නිසා තමයි මේ රට බංකොලොත් වුණේ කියලා. අයි.එම්.එෆ්. ප්‍රධානියා එන්.ඩී.ටී.වී. එකට කියනවානේ කවුරු නිසාද මේක වුණේ කියලා. හැබැයි අපි ඒ විදිහටමයි ඉස්සරහට යන්නේ. මේක සුද්ධ කරන්න ඕන. අපිට තේරෙනවා මේක එක පාරට කරන්න බැරි බව. නිෂ්චිත කාලරාමුවක් දෙන්න ඕන.

අපි එහොම කළෝතින් යම්කිසි විදිහකට මේකට විසඳුමක් හොයන්න පුළුවන් ජාතික ආණ්ඩුවක් හදලා. නැත්නම් කොහොමද කරන්නේ. ඔය පනින කට්ටිය 50කට කොහෙද තව ඇමතිකම් දෙන්න යනවා. ඇමතිකම් දීලා 21 වැනි සංශෝධනය පාස් කර ගන්න යනවා. මටනම් එපා වෙලා තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරමු. වෙන කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම එකතුවෙලා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කරන්න ට්‍රයි කරමු. දේශපාලන වාසි ගන්න නොයෙකුත් පුද්ගලයන්ගේ පුද්ගලික වාසි තකා ඇමතිකම් අරගෙන වැඩක් නෑ. එහෙම නම් මම අද මුදල් ඇමති. වැඩක් නෑ. අපි රට ගැන හිතනවා නම් වෙනස කරන්න සිද්ධ වෙනවා. හැමෝම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ඒක තමයි මම විශ්වාස කරන්නේ