27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව යුද හමුදාපති පත් කෙරේ - ශවේන්ද්‍රට උසස්වීමක්

නව යුද හමුදාපති පත් කෙරේ – ශවේන්ද්‍රට උසස්වීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත් කර තිබේ.

ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ හෙට (01) යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇති.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඔහු වෙත පිළිගන්වනු ලැබීය.