26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට එන ගුවන්යානාවලට අනතුරු ඇඟවීමක්

ලංකාවට එන ගුවන්යානාවලට අනතුරු ඇඟවීමක්

ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන සංචිත ගුවන්තොටුපළේ නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවලට ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විදේශ ගුවන් සේවාවන්ට දැනුම් දෙනු ලබයි.

එම අධිකාරිය සඳහන් කළේ ඉන්ධන නොමැති වුවහොත් වෙනත් ගුවන්තොටුපළකින් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීමට සිදුවන බවයි. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බදාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් දන්වා තිබේ.

එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් දන්වා ඇති අතර ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොපැමිණෙන ලෙසද ඉල්ලා සිටියි.