― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරජය සෑම දිනකම කෝටි 600ක් ණය වෙනවා - බන්දුල

රජය සෑම දිනකම කෝටි 600ක් ණය වෙනවා – බන්දුල

රජය සෑම දිනකම කෝටි 600ක් ණය වන බවත් ඉතිහාසයේ නොවූ විරූ ලෙස රාජ්‍ය ආදායම පහළ ගොස් ඇති බවත් ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසන් කරන විට දිනකට රටේ ආදායම බිලියන 3.2ක් ලෙස සඳහන් වූ බවත් එවකට දිනකට වියදම 4.9ක් වූ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ හීතුවෙන් දිනකට බිලියන 1.7ක් ණයක් රජයට ගැනීමට සිදු වූ බවත් පැවසූ අමාත්‍යවරයා පැවසීය.

2019 වර්ෂයේදී දිනක ආදායම බිලියන 5ක් දක්වා වැඩිවී ඇති අතර එම වසරේ දිනක වියදම 9.1ක් ලෙස සටහන් වෙයි. ඒ අනුව එම වර්ෂයේදී දිනකට බිලියන 4.1ක් ණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය 2021 වර්ෂයේ මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා අනුව රජයේ ආදායම අඩුවී ඇති අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගත තත්වයේ බලපෑමත් බදු කපා හැරීම ඇතුළු කරුණු රාශියක බලපෑමත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

2022 දළ වශයෙන් ඊට වඩා වැඩි විය හැකි බවට අනුමාන කළ හැකි අතර රජයට දිනකට කෝටි 400ක ආදායමක් ඇති බවත් කෝටි 1000ක් වියදම් කරන බවත් සෑම දිනකටම කෝටි 600ක් ණයට ගන්නා බවත් බන්දුල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එලෙස දීර්ඝ කාලයක් ණය ලබා ගැනීමේ ප්‍රතිඵලය හේතුවෙන් වර්තමානයේ විදේශ ණය වාරික පොලී ගෙවීමට බැරි තත්වයකට රට පත්ව ඇති බව අමාත්‍යවරයා එහිදී හෙළි කළේය.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය ණය සඳහා ගෙවන පොළිය කවුරු ආණ්ඩු කළත්, ආණ්ඩු වෙනස් වී වෙනත් රජයක් පැමිණියත් කපා හැරිය නොහැකි වියදම් බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව 2020 වර්ෂයේදී මුළු රජයේ ආදායමෙන් සියයට 86ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කර ඇති අතර මේ ක්‍රමයට තවදුරටත් ගමන් කළ නොහැකි නිසා දේශීය අදායම් බදු පනත, එකතු කළ අගය මත බදු පනත, විදුලි සංදේශ බදු පනත, ඔට්ටු හා සුරාබදු පනත සහ මූල්‍ය කළමනාකරණ සංශෝධනය කර 2019 බදු කපා හැරීමට පෙර පැවැති තත්වයට බදු ගැලපුම් සිදු කිරීමට අමාත්‍ය අනුමැතිය ලබා දී තිබේ.

2019 වසර අගභාගයේදී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල අදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබ ඇති තීරණය හේතුවෙන් රාජ්‍ය ආදායම් අඩු වී තිබේ.