27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොනාලිසාට කේක් ගෙඩියෙන් ගැසූ අයෙක්ට වැඩ වරදී

මොනාලිසාට කේක් ගෙඩියෙන් ගැසූ අයෙක්ට වැඩ වරදී

සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට හානි කිරීමට පුද්ගලයෙකු උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයෝවෘද්ධ කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණ පුද්ගලයෙක් මෙලෙස සිතුවමට හානි කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වෙයි.

මොහු විසින් මෙම ලෝක ප්‍රසිද්ධ සිතුවමට කේක් විසිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබුණේ.

මෙම පුද්ගලයා රෝදපුටුවක් මඟින් කෞතුකාගාරයට පැමිණ ඇති අතර ලියනාඩෝ ඩා වින්චිගේ මෙම සිතුවම ආරක්ෂා කරන වෙඩි නොවදින වීදුරුව බිඳීමට ද ඔහු උත්සාහ කළ බව වාර්තා වාර්තා වනවා.

සිදුවීමට සම්බන්ධ 36 හැවිරිදි පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන ඇති අතර ඔහු මනෝචිකිත්සකවරයෙකු වෙත යොමුකර තිබෙනවා.