― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical20ට ඡන්දෙ දුන්නේ මගේ කරුමෙකට

20ට ඡන්දෙ දුන්නේ මගේ කරුමෙකට

මම කරපු එකම කරුමේ තමා 20ට ඡන්දය දෙන්න ලැබීම. ඡන්දය විමසන දවසට කරුණාකරලා හැමෝම තමන්ගේ ආසනයේ ඡන්දය දුන්න මන්ත්‍රීවරයාගේ ගේ ගාවට පොඩ්ඩක් එකතුවෙලා කියන්න තියෙන ටික කියන්න මේකට ඡන්දේ දෙන්න කියලා” යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පැවති සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන 21 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදනෙ අතර ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මම 18ට විරුද්ධව වැඩකරපු කෙනෙක්. මම කරපු එකම කරුමේ තමා 20ට ඡන්දය දෙන්න ලැබීම. 21 නොකරන්න විශාල ජනමතයකුත් පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂය ඇතුළේ, සමහර අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත මේ වැඩපිළිවෙලක් යනවා අපි ඒකට විරුද්ධ විය යුතුයි. මම මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලන්න කැමතියි ඡන්දය විමසන දවසට කරුණාකරලා හැමෝම තමන්ගේ ආසනයේ ඡන්දය දුන්න මන්ත්‍රීවරයාගේ ගේ ගාවට පොඩ්ඩක් එකතු වෙන්න. එකතුවෙලා කියන්න තියෙන ටික කියන්න මේකට ඡන්දේ දෙන්න කියලා.