26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ලේකම් හා සාගල රන්ජන් බලන්න වැලිකඩ යයි

අගමැති ලේකම් හා සාගල රන්ජන් බලන්න වැලිකඩ යයි

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබේ.

ඒ අනුව සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා පසුගිය අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබෙන බව වාර්තා වෙයි.

තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක එහිදී සාගල රත්නායක හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා තිබේ.

තමා පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බව රන්ජන් රාමනායක එහිදී ප්‍රකාශ කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.