33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු ගුවන්යානයට මෙරටින් පිටවීම වළකමින් කළ වාරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක්

රුසියානු ගුවන්යානයට මෙරටින් පිටවීම වළකමින් කළ වාරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක්

රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවන ලෙස එම රුසියානු ගුවන් සමාගම අද (03) කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම නඩුව අද (03) මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබූ අතර අධිකරණය නියම කළේ ඉදිරිපත් කර ඇති අදාළ ඉල්ලීම පිළිබඳව විභාගය මේ මස 8 වැනිදා සිදුකිරීමටයි.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (02) වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය ලබන 16 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.