26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිලිප්ගේ පුත්‍රයා හා ලේලිය අද පොලීසියට

දිලිප්ගේ පුත්‍රයා හා ලේලිය අද පොලීසියට

අද (06) දිනයේදී තම පුත්‍රයා සහ ලේලිය පොලිසියට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පසුගියදා ඇති වූ උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වනවිට පොලිසියෙන් සොයමින් සිටියි.

සිද්ධිය සිදුවූ දිනයේ ඔවුන් දෙදෙනා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට පැමිණි කැබ් රථයද මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පසුගිය 03 වැනිදා පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගත්තේය.

මේ අතර ඔවුන් දෙදෙනාට සැඟවී සිටීම සඳහා නවාතැන් පහසුකම් දුන් බවට සැකකෙරෙන කාන්තාවක්ද එදිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.