29 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට විදෙස් සංචිත සුළු අගයකින් ඉහළට

මෙරට විදෙස් සංචිත සුළු අගයකින් ඉහළට

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මාස හයකට පමණ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දෙන්නේ ආසියානු නිෂ්කාශන සංගමයක් යටතේ ඉන්දියාවට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම නිසා මෙසේ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවල දැක්වෙන්නේ අප්‍රේල් මස අගදී ඩොලර් බිලියන 1.81 සිට මැයි අග වන විට ඩොලර් බිලියන 1.92 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම සංඛ්‍යාවට චීනයේ මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන මූල්‍ය හුවමාරු පහසුකමක් ඇතුළත් නමුත් එය කොන්දේසි හේතුවෙන් භාවිතය ගැනීම දුෂ්කර වී තිබේ.