― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුවට ගල් පෙරලන්නෑ - පාඨලී චම්පික

ආණ්ඩුවට ගල් පෙරලන්නෑ – පාඨලී චම්පික

ආර්ථිකමය වශයෙන් තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළට රජය කැමැත්තක් දක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට අපි ගල් පෙරළන්න බලාපොරොත්තුවක් නෑ අගමැතිතුමාට. හැබැයි අගමැතිතුමා සාධාරණ කාලයක් තුළ මේවා ඉෂ්ඨ කළ යුතුයි. විශේෂයෙන්ම 21 සංශෝධනය වැනි දෑ එළැඹෙන ජූලි මාසය තුළ ඉෂ්ඨ කරගත යුතුමයි. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි දැනට රටේ අරගලය නතර වෙලා නෑ. අරගලයේ විරාමයක්. මේක අපායේ ඉන්ටවල්. ආපහු මේ අරගලය මීට වඩා භයානක ආකාරයට ගෙන එන්න පුළුවන්. සමහර පිරිස් ඒක සංවිධානාත්මකව කරන්න පුළුවන්. ඒ නිසා අපි එයට සුදානම් විය යුතුයි. පළමුවෙන් අපි ආණ්ඩුවේ සමහර දේවල්වලට එකඟ නොවුණත් බාධා කරන්න යන්නේ නෑ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි මේක කරන්න. සාධනීය දේවල්වලට අපි සහයෝගය දෙනවා.”