26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධම්මික පෙරේරාට අද ඇමතිකමක්!

ධම්මික පෙරේරාට අද ඇමතිකමක්!

කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා ඇති බව දේශපාලන ආරන්චිමාර්ග පවසයි.

එසේ නොවන්නේ නම් අගමැතිවරයා හා සමාන කාර්යභාරයක් නොමැති කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ධම්මික හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සම්බන්ධතා මතු කළ ව්‍යාපාරිකයකු යෝජනා කර ඇති බවද වාර්තා වේ.

මේ වන විට ඔහුට විදේශ ආයෝජනයට සම්බන්ධ ඇමති ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයිද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට පොදුජන පෙරමුණේ පාලක ලේකම් හා මිල්කෝ සභාපති රේණුක පෙරේරා හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ යන අය පත්කරන ලෙස හෙතෙම ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර නැතැයි වාර්තා වේ.

ධම්මික පෙරේරාගේ සහෝදරයින් දෙදෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිත රුපියල් මිලියන 575ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට පසුගිය කාලයේදී වාර්තා පළ විය.