― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsසුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි උපදෙස්

සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි උපදෙස්

පවතින දැඩි ඖෂධ හිඟය හෙතුවෙන් නිවෙස්වල සුරතලයට ඇතිකරන සතුන් හා අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට මහජන සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුළු ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බැවින් ජනතාව මේ දිනවල ප්‍රවේශමෙන් කටයුතු නොකරන්නේ නම් ජීවිත අවධානම් දක්වාද වර්ධනය විය හැකි බව සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නිවසේ ඇති කරන සුරතල් සතුන් වෙනුවෙන් අවශ්‍ය කෙරෙන එන්නත් හැකි ලෙසින් ලබා දිය යුතු බවටත් වෙනදාට වඩා සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වී පවතින අවධානම් තත්වය මඟහරවා ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු බවටද දැනුම් දී තිබේ.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරේ පිහිටි මූලික රෝහල් රැසක බාහිර රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ වර්ග හිඟ වීම හේතුවෙන් අදාළ ඖෂධ ෆාමසි හරහා අධික මුදලකට රෝගී ජනතාවට ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම ගැටලු රැසකට මුහුණ පා සිටියි.