27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරෝපා සංගමයෙන් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක්

යුරෝපා සංගමයෙන් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක්

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව යුරෝපයේ විකුණනු ලබන අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවට යුරෝපා සංගමය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන ‘charging port’ ඇති කළ යුතුය යනුවෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබේ.

එබැවින් 2024 වනවිට අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවද දැනුම් දී තිබේ.

එමගින් පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් තමන් ඊට මැදිහත් වූ බව යුරෝපා සංගමය සඳහන් කරයි.

එක හා සමාන ‘charging port’ නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී තිබුණි.ඔවුන් එවැන්නක් කර තිබුණේ අයිෆෝන් සහ ඇන්රොයිඩ් ෆෝන් භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙනි.