― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්ත යළි රිමාන්ඩ් - මිලාන්ට ඇප

සනත් නිශාන්ත යළි රිමාන්ඩ් – මිලාන්ට ඇප

මැයි 09 වැනිදා ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු 12ක් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.

එසේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පුද්ගලයන් 04ක් එළැඹෙන 15 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.