27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

ධම්මික පෙරේරා ඔහුට අයත් සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගැනීමට කැමැත්ත පළකර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවද වාර්තා වෙයි.

ගැසට් නිවේදනයක් මඟින් අලුතින් නම් කළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 15ක් ඇතුළත් වේ.