― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් සහය ඉල්ලයි

ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් සහය ඉල්ලයි

සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉහළ රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබා දෙන ලෙස විදේශ ආමාත්‍ය ජී.එල් පීරිස් සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

තවද අරමුදල් සැපයීම, සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සහ සිංගප්පූරුව වෙත කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පවත්නා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිංගප්පූරු රජයේ සහය ඉල්ලා ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් එරට දෙදින නිල සංචාරයක නිරතවෙමින්
සිංගප්පූරු රජයෙන් මෙම ඉල්ලීම් සිදු කර තිබේ. මේ වන විට සෞඛ්‍ය සේවකයින් සහ විශේෂයෙන් හෙද සේවකයන් සිංගප්පූරුවේ සේවය සඳහා යෙදවීම සම්බන්ධයෙන් දෙරටම සමීපව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයාගේ සංචාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර මානුෂීය ආධාර සඳහා සිංගප්පූරු රතු කුරුස සංවිධානය විසින් මෑතකදී කරන ලද ආයාචනයට අදාළව සිංගප්පූරු රජය ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ප්‍රතිඥා දීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කර තිබේ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා 8 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ අතර සිව් වසරකට පසුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයකු මෙලෙස සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීම විශේෂත්වයකි.