27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රජයේ නිවාඩු දිනයක්

අද රජයේ නිවාඩු දිනයක්

අද (13) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

හෙටට (14) යෙදී ඇති පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අද (13) දිනය මෙලෙස විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය අර්බුදය වැනි ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙම නිවාඩුව බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති අතර අද (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.