26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජස්ටින් බීබර්ගේ මුහුණේ එක පැත්තක් පූර්ණ අංශභාගයට

ජස්ටින් බීබර්ගේ මුහුණේ එක පැත්තක් පූර්ණ අංශභාගයට

සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර්ගේ මුහුණේ එක් පැත්තක් පූර්ණ අංශභාගයට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ඔහු ටොරොන්ටෝ, වොෂින්ටන් ඩීසී සහ නිව් යෝර්ක්හි ප්‍රසංග රැසක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරසයක් හේතුවෙන් බීබර් හදිසියේ අංශභාග රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි.

ඔහු තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට වීඩියෝ පටයක්ද එක් කර තිබූ අතර තම රෝගී තත්ත්වය ගැන එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබට පෙනෙන පරිදි මට වැළඳී ඇත්තේ ස්නායු ආශ්‍රිතව හටගත් දුර්ලභ ආබාධිත තත්ත්වයකි. මේ ඇස ඇසිපිය හෙළන්නේ නැත. මට මේ මූණෙන් හිනා වෙන්න බෑ. මේ නාස් පුඩුව සෙලවෙන්නේ නැති නිසා මගේ මුහුණේ මේ පැත්තේ සම්පූර්ණ අංශභාගය තියෙනවා.