26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් දේශපාලනයට තිත තබන ලකුණු?

රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් දේශපාලනයට තිත තබන ලකුණු?

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් එමෙන්ම ඔහු දේශපාලනයෙන්ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂද පසුගියදා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු සඳහන් කළේ තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බවයි.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරනු ලබයි.