― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෛද්‍ය සාෆිගේ හිඟ වැටුප ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි?

වෛද්‍ය සාෆිගේ හිඟ වැටුප ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි?

පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් හට හිමි වූ හිඟ වැටුප් හා දීමනා සියල්ල මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් හට ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අදාළව හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් දෙමිලියන හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

ඒ අදාළ කාලසීමාවට අයත් හිඟ වැටුප් හා දීමනා ජුලි මස 10 වැනිදාට පෙර යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කිරීමත් සමඟයි.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් හට ලැබී ඇති අතර ඒ අනුව ඔහු තීරණය කර ඇත්තේ තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවන ලෙස දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු නඩු විභාගයකින් නියෝග කළේය.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා සියල්ල යළිත් ඔහුට ලබාදෙන ලෙසටයි.