25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව පූජා භූමි තුනක් ගැසට් කෙරේ

නව පූජා භූමි තුනක් ගැසට් කෙරේ

ගැසට් පත්‍රයක් මගින් නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත්කර තිබේ.

එලෙස ප්‍රකශයට පත් කර ඇති පූජා භූමි වන්නේ අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය සහ කූරගල රජමහා විහාරයයි.

ඊට අදාළ ගැසට් නිවේදනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්සන් තබා ඇති අතර ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මඟින් එම පූජා භූමි 03 ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ වනවිට මෙරට පූජා භූමි 78ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ වනවිට පූජා භූමි සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, කතරගම, පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරය, මඩු දේවස්ථානය, මුහුදු මහා විහාරය, අම්පාර දීඝවාපිය, මාතලේ අලු විහාරය ඇතුළු පූජා භූමි රැසක සංවර්ධන සැලැසුම් දැනටමත් සකස් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.