27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තුත් වැඩිවෙයි!

දුම්රිය ගාස්තුත් වැඩිවෙයි!

රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙසේද කීය.

මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ උදාහරණයක් රජය මඟින් රටේ ජනතාවට ලබාදෙන සේවය පිළිබඳව පෙන්නුම් කිරීමට. මේවන විට බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තු ලෙස අපි අයකරන්නේ. එම නිසා අපේ වියදම.. ඩීසල් මිල වැඩිවීමත් සමග විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතා අඩු මුදලකට තමයි මගීන් ප්‍රවාහනය කරන්නේ. එම නිසා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයේ යම් ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දෙපාර්තමේන්තුව අවසර ලබාදෙයි කියලා.