27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට යළි ආනයනය කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට යළි ආනයනය කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට යළි ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් එම ක්‍රමය යටතේ ආනයනයට අවසර ලබා දුන් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේය.

ඒ අනුව අල සහ ලූණු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට මෙරටට වැඩි වශයෙන් ගෙන එන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.

විවෘත ගිණුම් ක්‍රමය යනු භාණ්ඩ ගෙන්වා ගැනීමෙන් පසුව එම මුදල් සැපයුම්කරුට ගෙවීමයි.

මීට පෙර විවෘත ගිණුම් ක්‍රමයට භාණ්ඩ ආනයනය කිරීම සිදු කළ නමුත් පසුගිය 06 වැනිදා සිට එම ක්‍රමය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.