26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඉල්ලූ ණය ගැන තාම ප්‍රතිචාරයක් නැහැ

ඉන්දියාවෙන් ඉල්ලූ ණය ගැන තාම ප්‍රතිචාරයක් නැහැ

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් මේ දක්වා සාර්ථක ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වෙයි.

ඉන්දියාව මීට පෙර ලබා දුන් ණය මුදල අවසන් වීමත් සමඟ මෙරටින් තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලා අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

මෙම ණය මුදල සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය සඳහා භාවිතා කිරීමටයි සැළසුම් කර තිබුණි. ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන ආනයනය සම්පූර්ණයෙන් ඇණහිටීමේ අවදානමක් මතුව තිබේ.