― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොඩි ලැසීට ඇප

පොඩි ලැසීට ඇප

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ට අධිචෝදනා භාර දී තිබේ.

බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

සැකකරු අද (17) ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මෙම අධිචෝදනා බාරදීම සිදු කළේය.

එහිදී අධිචෝදනා ගොනු කිරීමෙන් පසු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට ඇප නියම කළාය.

ඒ අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් අධිකරණය විසින් නියම කරනු ලැබූ අතර නඩුව යළි ලබන වසරේ ජනවාරි 31 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කරනු ලැබීය.