26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

සති දෙකක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වන අය වෙත නිවසේ සිට වැඩ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය අද සිට ක්‍රියාත්මකයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මේ සඳහා රජයේ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන සේවකයින් අදාළ නොවන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

මේ අතර කොළඹ අධ්‍යාපන කලාපයේ සහ ප්‍රධාන නගරවල පාසල් අද සිට සතියක කාලයක් වසා දැමෙන අතර එම කාලය තුළ online ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ග්‍රාමීය පාසල් විදුහල්පතිවරයාගේ තීරණය මත පැවැත්විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.