මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී. විදුලිබලාගාරයක් ඉදිකිරීමට නියමිත බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.
ඒ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති අතර එම ඉඩම් කොටස මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියද ලැබී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එකී ඉඩම් කොටසේ වෙළෙඳපොළ වටිනාකම අය කරගනිමින් එය ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.