27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජබය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

සජබය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙලෙස පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට හේතු ලෙස ඔහු දක්වා තිබුණේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොමැතිකමයි.

මේ හොර කුපාඩි ආණ්ඩුවක්. ඔළුගෙඩි මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑගහනවා.

මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද? ඒ නිසා සමගි ජන බලවේගය සහ විපක්ෂයේ ඵකට ශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තිබෙනවා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. එසේ කොට අප පොදු ජනතාව සමඟ හිට ගන්නවා.