27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසීනි මිල තවත් ඉහළට?

සීනි මිල තවත් ඉහළට?

කෙසේ වෙතත් වෙළඳපොළේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසයි.

මේ වනවිට වෙළඳපොළ තුළ සීනි කිලෝවක් රුපියල් 265ත් 300ත් අතර මිලකට අලෙවි කරනු ලබයි.

තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් මෙලෙස වෙළඳපොළ තුළ සීනි මිල ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව විසින් ජාත්‍යන්තර වෙළඳපොළට සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපනයනය නතර කිරීම හේතුවෙන් වෙළඳපොළේ සීනි මිල ඉහළ ගියේය.