28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය අංශයට ඉන්ධන ලබාදීමට වෙනම දිනයක්

සෞඛ්‍ය අංශයට ඉන්ධන ලබාදීමට වෙනම දිනයක්

සිකුරාදා දිනයේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීම පිළිබඳව සාකච්ඡා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එක් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගයද අවශ්‍ය බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 09ක්ද, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 06ක්ද මේ වන විට සෞඛ්‍යය කාර්ය මණ්ඩල වෙනුවෙන් ඉන්ධන ලබා දීමට තෝරා ගෙන තිබේ.