26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකාව ගොඩගන්න පුළුවන් IMF ගියොත් විතරයි

ලංකාව ගොඩගන්න පුළුවන් IMF ගියොත් විතරයි

ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහකට ගිය පසු අනෙකුත් රටවල් සහාය දෙනු ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය 2019 පැවැති තත්ත්වයට යා යුතු බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය තිරිංග දමා බේරා ගැනීමට තිබූ අවස්ථාව මේ වනවිට අහිමි වී ඇති බවත් එම නිසා රට පතුලටම වැටී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ගෑස් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් මේ වන විට ගෑස් ඇණවුම් කරමින් පවතින බවත් එය ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇති බවත් ඔහු පැවැසීය.