23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලක්ෂ පහකට අධික ඩීසල් සමග ව්‍යාපාරිකයෙකු අල්ලයි

ලක්ෂ පහකට අධික ඩීසල් සමග ව්‍යාපාරිකයෙකු අල්ලයි

හෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික ඩීසල් තොගයක් සමඟ එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙය ලීටර් 500 වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1000 තොගයක් හා ලිටර්  200 බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400 ක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙම ලීටර් 500 අඩංගු ඩීසල් තොගය ගබඩා කර තිබුණේ නිවසේ ඉහළ මාලයේ තබා තිබූ ප්ලාස්ටික් වතුර ටැංකියක බවත් පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරික නිවසේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන බවට පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාට ලද තොරතුරක් අනුව පොලිසිය වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.