23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට

ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට

මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනිදා තීරණය කරනු ලැබීය.

එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු අද වන විට 30% ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට තුළ සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් ලෙසින් සටහන්ව තිබේ.