Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalනාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගත යුතුයි

නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගත යුතුයි

නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 26 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ

රුසියානු ගුවන් යානය රඳවා ගැනීම නීති විරෝධී ඒක කරන්න බෑ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් තේමිය අභයවික්‍රම ගුවන් සංචරණ අංශයේ අංශ ප්‍රධානී ඩිෂාන් අභයවර්ධන ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී එම් චන්ද්‍රසිරි ඔය තුන්දෙනා එකතුවෙලා කතා කරලා නාමල් රාජපක්ෂ මැදිහත් වෙලා මේ වැඩේ කළේ.

 මේගොල්ලෝ තමයි තමන්ට හිමි බලයක් ඉක්මවලා මේක කළේ.

 නාමල් රාජපක්ෂගේ මොළය දන්න පටන් අරන්.

එයා සමාජ මාධ්‍ය වල නිවේදනයක් නිකුත් කරනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ කියපු කරුණු අසත්‍යයයි මේ තනතුරු කිසිවක් මම පත් කළේ නෑ ඒවා පත්කළේ බාප්පා කියලා. ඒක කවුරුත් දන්නවා එයාගේ බාප්පා මේ රටේ ජනාධිපති.

 අපි කිව්වේ මේ ඔක්කොමල නාමල්ගේ යාලුවෝ බාප්පට කියල මේ හාදයන්ට තනතුරු අරන් දීලා තියෙන්නේ නාමල් . මේ කුමන්ත්‍රණය  මේ සැලැස්ම නාමල් දුරකථනයෙන් කතා කරමින් මෙහෙයවපු එකක් කියලා.

 ගන්න මේගොල්ලන්ගේ දුරකථන ඇමතුම් වාර්තා.

 නාමල් රාජපක්ෂලාට දෙන්න උත්තරයක් නෑ අපි මොකටද උත්තර දෙන්නෙ. ඒ ගොල්ලොත් එක්ක මොනාද දේශපාලන සංවාද.

නීතියක් තියෙනවා නං නාමල්රා ජපක්ෂව අත්අඩංගුවට ගන්න.

 ඔය නාමල් ලත් එක්ක අපේ කිසි සංවාදයක් නෑ.