26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'තෙල් පෝලිමේ වැඩිපුරම ඉන්නේ රජයේ සේවකයින්'

‘තෙල් පෝලිමේ වැඩිපුරම ඉන්නේ රජයේ සේවකයින්’

ඉන්ධන පෝලිම්වල වැඩි ප්‍රමාණයක් සිටින්නේ රාජ්‍ය සේවකයින් බවත් බොහෝ රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කර ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට යන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

වැටුප් සහිත නිවාඩු ලබා ඉන්ධන පිරවුම්හල්වලට පැමිණ ඉන්ධන ලබාගැනීම සඳහා රැඳී සිටින රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.

මේ නිසා බොහෝ රාජ්‍ය ආයතනවලට තම රාජකාරිය නිසියාකාරව කරගෙන යාමට නොහැකි වී තිබේ.

මේ හේතුව නිසා රාජ්‍ය සේවකයන් පෙර තත්ත්වයටත් වඩා කර්යාල සේවයේදී උදාසීන වී ඇත්තේ ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොවන බැවිනි.