29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩෝවිට අසංකගේ මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

බඩෝවිට අසංකගේ මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු පැකට් 2000ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව වාර්තා වෙයි. සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ‘බඩෝවිට අසංක’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.