― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගාල්ලේ සියලුම රෝහල් හදිසි සේවාවලට පමණක් සීමා වෙයි

ගාල්ලේ සියලුම රෝහල් හදිසි සේවාවලට පමණක් සීමා වෙයි

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රජය පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම නිසා හෙට (28)සිට කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නම් කළ ඉන්ධන පිරවුම්හල් 4න් පසුගිය සිකුරාදා දිනයේදී සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් නොව අනෙකුත් සාමාන්‍ය රථවාහන සඳහා ද ඉන්ධන නිකුත් කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය 12 – 14 අතර කාලයක් පෝලිම්වල රැඳී සිටිමට සිදුවුණු අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වල, අසංවිධිත මෙම වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් 20%කටවත් එදින ඉන්ධන ලබාගැනීමට නොහැකි වූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මේ තත්වය තුළ ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා සිට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇති බවත් එම සංගමය ප්‍රකාශ කරයි.