25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපී එම් බී රයිස් අද සිට වෙළෙඳපොළට

පී එම් බී රයිස් අද සිට වෙළෙඳපොළට

වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ සහල් පැකට්ටු අද (27) නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් පී එම් බී රයිස් යන වෙළෙඳ නාමය යටතේ මෙම සහල් නිකුත් කරනු ලැබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු අලෙවි කිරීමට පියවර ගෙන ඇති අතර වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවිසැල් හරහා මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසුවේ සහල් පිළිබඳව රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බවයි.