27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවට්ටපු රාජපක්ෂ යළි නැගිටියි

වට්ටපු රාජපක්ෂ යළි නැගිටියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙමාපියන්ගේ ස්මාරකය වන හම්බන්තොට ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය යළි ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

මැයි 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර කඩා බිඳ දැමූ ස්මාරකය යළි ගොඩනැගීමට අවශ්‍ය මුදල් හා ද්‍රව්‍ය එකතු කිරීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත පැවරී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් පොලිස් අධිකාරීවරුන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. වාර්තා වන අන්දමට ගල්, වැලි, සිමෙන්ති, ලී සහ මූල්‍ය ආධාර ඉල්ලා ඇත.

අදාළ නිලධාරියා විසින් දේපළවලට සිදුවන හානිය වළක්වා නොගැනීම නිසා ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ස්ථාන මාරුව වැළැක්වීමේ අරමුණින් ඔහු එසේ කරන බවත් දැනගන්නට ලැබුණි.