27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅස්වනු නෙළන්න ඉන්ධන දෙන්න - මහින්ද

අස්වනු නෙළන්න ඉන්ධන දෙන්න – මහින්ද

යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ යල කන්නයේ අස්වනු නෙලීම සහ පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් පමණ අවශ්‍ය වන බවයි. යල කන්නය වෙනුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 477,000ක පමණ වී වගාකර ඇති අතර මෙම මස අග සතියේ සිට ඒවායේ අස්වනු නෙලීම ආරම්භ වෙයි.

ඊට අමතරව ඉන්දීය රජය විසින් ලබාදෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදාහැරීමටද සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් ඉන්ධන ලබාදීම කළ යුතු බවට දන්වමින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් සටහනක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.