22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅසාර්ථක මූල්‍ය සමාගම් 05ක් ඈවර කිරීමේ තීරණයක්

අසාර්ථක මූල්‍ය සමාගම් 05ක් ඈවර කිරීමේ තීරණයක්

ETI ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 05ක් ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ETI ෆිනෑන්ස් ලිමිටඩ්, TKS ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් මෙලෙස ඈවර කිරීමට නියමිතය.

අසාර්ථක මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලැබූ අතර එම උපදේශන කමිටුවේ නිර්දේශ මත අදාළ අසාර්ථක මූල්‍ය සමාගම් ඈවර කෙරේ.