― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසති 05කින් විදුලි බිලත් වැඩිවෙන ලකුණු

සති 05කින් විදුලි බිලත් වැඩිවෙන ලකුණු

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සංශෝධනය කර මහජනතාවගේ දැන ගැනීම සඳහා අද (28) ප්‍රසිද්ධියට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බව එහි සභාපති ජනක රත්නායක පැවසීය.

ඊයේ (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

විදුලි ඒකක 30, 60, 90 මට්ටමේ මාසික විදුලි පරිභෝජනයක් සිදු කරන පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම සංශෝධන එක් කළ බවද ඔහු සඳහන් කළේය.

බහුතර ගෘහ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලෙස ගාස්තු වැඩි කිරීම 57% නොඉක්මවීම බව මහජන උපයෝගිතා කොමිසමේ අදහස බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 30ට අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 පමණ වන අතර ඒකක 30ට වැඩි නමුත් ඒකක 60ට අඩු අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658ක් පමණ වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සමස්ත ගෘහස්ථ අංශය සඳහා 138%ක තීරුබදු වැඩිවීමක් යෝජනා කර සිටියත් එය 67% ඉක්මවා නොයා යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ තීරණයයි.

නමුත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවන්ට අනුව සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා 45% කින්ද, කාර්මික පාරිභෝගිකයින් සඳහා 61% කින්ද, හෝටල් සඳහා 43% කින්ද, රාජ්‍ය ආයතන සඳහා 43% කින්ද, ආගමික ස්ථාන සඳහා 189% කින් ද විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබේ.