28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධ්‍යාපන ඇමති ප්‍රංශයට

අධ්‍යාපන ඇමති ප්‍රංශයට

යුනෙස්කෝ සංවිධානය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගියේය.

මෙම සමුළුව අනිද්දා (30) දක්වා පැවැත්වීමට නියමිතය.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් කාලය අහිමි වූ ලෝකයේ බොහෝ රටවල පාසල් දරුවන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක, ගුණාත්මක අධ්‍යාපනය සඳහා පෙළ ගැස්වීම හා ඒ ඒ රටවල අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.