ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ලබන මස 10 වැනිදායින් පසු රට පුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
ලොව 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වූ ආර්ථිකයන්ගෙන් එකක් එක්සත් අරාබි එමීර් සතුවේ.