Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නීතිවිරෝධීව ඉපයූ කෝටි 11ක දේපළ තහනම්

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපළ රැසක් අද (29) තහනම් කර තිබෙනවා. මෙලෙස තහනම් කළ දේපල සහ...
HomeNewsනිවෙස් තුළදී සිදුවන දරු උපත් ඉහළට

නිවෙස් තුළදී සිදුවන දරු උපත් ඉහළට

පසුගිය දින කිහිපය තුළ රටපුරා නිවාසවල සිදු වූ දරු උපත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ ඉන්ධන අර්බුදය හමුවේ රෝහල්වලට යාමට ඇති අපහසුව සහ මූල්‍ය ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකොටුව, මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහය ඇතිව මෙලෙස දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

එමෙන්ම එම මවුවරුන් හා බිළිඳුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.